සංක්ෂේපය
වෙළඳ දැන්වීම් කලාව තුළ රූපවාහිනී වෙළඳ දැන්වීම් සහ පුවත්පත් මාධ්‍ය ආශ්රිත වෙළඳ දැන්වීම්, පාරිභෝගික සමාජය තුළ දැඩි වශයෙන් සාකච්ඡාවට මෙන්ම අවධානයට යොමු වන ක්ෂේත්‍ර දෙකකි.මෙම මාධ්‍ය ද්වය ආශ්‍රිතව වෙළඳ දැන්වීම් ත්‍රිත්වයක් තෝරා ගෙන, ඒ ඔස්සේ ප්‍රථමයෙන් දැන්වීම්කරණය යන්න හඳුනා ගැනීම, ජන මාධ්‍ය ආශ්රිත දැන්වීම්කරණය යන්න හඳුනා ගැනීම, වෙළඳ දැන්වීම්වල අන්තර්ගතය ඔස්සේ ඒවා පාරිභෝගික ප්‍රජාවගේ අවශ්‍යතාවන් මුදුන් පමුණුවා ගැනීමෙහිලා ලබා දෙන දායකත්වය, එය පාරිභෝගික ආකර්ශණය දිනා ගැනීම තුළින් අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ ප්‍රවර්ධනය සඳහා ලබා දෙන දායකත්වය, ඒ සඳහා පුවත්පත් මාධ්‍ය ආශ්රිත වෙළඳ දැන්වීම්වල දී භාවිතා කරන සන්නාම, දෘශ්‍ය රූප සහ පෙළ, රූපවාහිනී වෙළඳ දැන්වීම් වලදී යොදා ගන්නා පිටපත, චරිත, වේශ නිරූපණය, සංකේත භාවිතය, පසුබිම් සංගීතය, වර්ණ සහ භාෂා භාවිතය, සංස්කරණය ආදී කලාත්මක හා තාක්ෂණික ප්‍රයෝග ඔස්සේ, තෝරා ගත් වෙළඳ දැන්වීම් ත්‍රිත්වයේ අන්තර්ගතය පිළිබඳ විශ්ලේෂණය කිරීම මෙමඟින් සිදු වේ.
මුඛ්‍ය පද: දැන්වීම්කරණය, අලෙවිකරණය, ප්‍රචාරණය, පාරිභෝගිකයා, සංස්කෘතිකාංග
හැඳින්වීම
දැන්වීමක් යනු මුදල් ගෙවා ප්‍රචාරය කරනු ලබන පෙළඔවීම් සන්නිවේදනයයි. දැන්වීමක අනුග්‍රාහකයා නිශ්චිතව හඳුනා ගත හැකිය. දැන්වීමක් සෑම විටම ස්වකීය ඉලක්ක පාරිභෝගිකයා පෙළඹවීමට හෝ යොමු කිරිීමට උත්සාහ කරයි. එමෙන්ම වෙළඳ දැන්වීමක් සෑම විටම විශාල පාරිභෝගික ප්‍රජාවක් අරමුණු කර ගනී. දැන්වීම් ජනමාධ්‍ය ඔස්සේ ජනගත වෙමින් ක්‍රියාත්මක වේ. එමෙන්ම එය මිනිස් ක්රියාකාරකමින් තොරව ජන මාධ්‍ය ඔස්සේ ඉලක්ක ගත විශාල පාරිභෝගික ප්‍රජාවක් වෙත හඳුනා ගත හැකි අනුග්‍රාහකයෙකු ඔස්සේ ලබා ගනී.
දැන්වීම් ප්‍රධාන වශයෙන් ප්‍රභේද කිහිපයකි.
01. සාමාන්‍ය දැන්වීම්
02. මහජන සේවා දැන්වීම්
03. තරඟකාරී දැන්වීම්
04. සමාජ වගකීම් පිළිබඳ දැන්වීම්
05. ප්රතිශෝධනාත්මක දැන්වීම්
06. උපදේශනාත්මක දැන්වීම්
07. රූපාත්මක දැන්වීම්
08. නගර සභා දැන්වීම්
සාමාන්‍ය දැන්වීම්වලින් බලාපොරොත්තු වන්නේ, යම් ව්‍යාපාරික ආයතනයක් තම භාණ්ඩ හා නිශ්පාදන සඳහා පාරිභෝගික අවධානය ලබා ගෙන ඒවා අලෙවි කිරීමට උත්සාහ කිරීමයි. මෙහිදී පාරිභෝගිකයා තුළ අදාළ භාණ්ඩය කෙරෙහි පෙළඹවීමක් ඇති කරයි.
මහජනයාට යම් සේවාවක් ලබා දෙමින් මහජන සේවා දැන්වීම් ප්‍රචාරය කරනු ලබයි. මෙම දැන්වීම් ප්‍රචාරය කරන්නේ ලාභ බලාපොරොත්තුවෙන් තොරවය. මාධ්‍ය ආයතන මෙවැනි දැන්වීම් සඳහා තම කාලය හා ඉඩ වෙන් කිරීමේ දී ඒ සඳහා මුදල් අය කර නොගනී.
සමාජ වගකීම් පිළිබඳ දැන්වීම්වල දී පුද්ගලයාට සමාජ වගකීම් පිළිබඳව අවබෝධයක් ලබා දේ. ආරක්ෂාව සම්බන්ධ දැන්වීම්, සෞඛ්‍ය සම්බන්ධ දැන්වීම්, පරිසරය සුරක්ෂිත කිරීම පිළිබඳ දැන්වීම් මේ යටතට අයත් වේ.
භාණ්ඩ පිළිබඳ යථාර්තවාදී ප්‍රචාරයක් සිදු කරමින් ප්රතිශෝධනාත්මක දැන්වීම් ක්‍රියාත්මක වේ. ඖෂධ පිළිබඳ දැන්වීම් මේ ගණයට අයත් වේ. උපදේශාත්මක දැන්වීම් යම් යම් අවවාදයක් ලබා දෙයි. යම් යම් ක්‍රියාකාරකම්වල ඇති වු විපාක පිළිබඳ පෙන්වා දීමට උත්සහ ගනී. තම නාගරික ප්‍රදේශවල කටයුතු පහසුකම් පිළිබඳ ජනතාවට දැන්වීමට නගර සභා දැන්විම් යොදා ගනී. පොදුජන අවශ්‍යතා සඳහා මෙම දැන්විම් යොදා ගැනීම එහි ඇති වැදගත්කමයි. වෙළඳ දැන්වීමක ප්‍රධාන අරමුණ වන්නේ වාණිජමය වටිනාකම් ළඟා කර ගැනීමක් වුවද, ඒ තුළින් තොරතුරු සම්පාදනයත් සමාජ සංශෝධනයත් ඇති කළ යුතුය. සමාජය සංශෝධනයක් ඇති කළ යුතුය. සමාජය නිශේධාත්මක අංශයකට නොයවා, සමාජය ප්‍රතිශෝධනය කිරීමේ වගකීමෙන් කොටසක් වෙළඳ දැන්වීම් වලට හිමි වේ.
වෙළඳ දැන්වීම් කලාවට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගත් කළ ලංකාවේ ජීවත් වූ මානවයා තමා වාසය කළ ගල්ගුහාවේ චිත්‍ර සටහන් හා අක්ෂර සටහන් කරමින් සිදු කළේ දැන්වීම්කරණයකි. නමුත් එය තම භාණ්ඩය අලෙවි කර ගැනීමේ අරමුණකින් සිදු වූවක් නොවේ. කාලීන වශයෙන් සිදු වු තාක්ෂණික පරිණාමයට සමගාමීව නූතන මාධ්‍ය බිහි වීමත් සමඟ මෙම කාර්යය වඩාත් පහසු වූ බව පෙනේ.
සාහිත්‍ය අධ්‍යයනය (දැන්වීම්කරණය යන්න හඳුනා ගැනීම)
“විකුණුම් ලබා ගැනීමේ ද, ප්‍රසිද්ධිය ලබා ගැනීමේ ද එක් මාර්ගයකි, වෙළඳ දැන්වීම්.”
Oxford dictionary
“දැන්වීමක් යනු, නිශ්පාදන කර්මාන්ත ශීඝ්‍රයෙන් ඉදිරියට තල්ලු කරන එකම බලවේගයයි- කිසිවෙකුට දැන්වීම් වලින් තොරව මුදල් ඉපයිය නොහැකිය-”
‐තෝමස් මැක්ලේ‐
මැක්ලේ අදහස් දක්වන පරිදි නිශ්පාදන ඔස්සේ කර්මාන්ත නඟා සිටුවීමට නම් දැන්වීම් අවශ්‍ය බව පෙන්වා දෙයි-
“දැන්වීම් දීර්ඝ කාලීනව ස්ථාපිත පාසල්, පල්ලි වැනි සමාජ ආයතනවලට සමාන වටිනාකමක් සමාජ බලපෑම තුළින් අත්පත් කර ගෙන තිබේ- මාධ්‍ය තුළ ස්ථාපිත වී එමඟින් ගොඩ නැඟෙන විශාල බලයෙන් ජනප්‍රිය මාදිලින් නිර්මාණය කරමින් සිටියි- සැබවින්ම එය සමාජය පාලනය කළ හැකි සිමීත ආයතන කිහිපයෙන් එකක් බවට පත්ව තිබේ-”
‐ඬේවිඞ් පෝටර්‐
“නිර්මාණාත්මක දැන්වීම් පුද්ගලයාගේ ඉල්ලුම වැඩි කොට, නව භාණ්ඩ පිළිබඳ දැනුම පුද්ගලයාට ලබා දෙයි- මෙවැනි දැන්වීම් පුද්ගලයා අපේක්ෂාවෙන් සිටි-”
-මාෂල්-
දැන්වීමක් තුළ පවතින නිර්මාණාත්මකභාවය එහි ඉල්ලුම කෙරෙන් බලපෑම් කරන බවත්, භාණ්ඩයක ඉල්ලුම වැඩි කර ගැනීමට දැන්වීම් අවශ්‍ය බවත් මාෂල් පෙන්වා දෙයි.
දැන්වීම්කරණය යන්න හඳුනා ගැනීම.
දැන්වීම්කරණය හෙවත් වෙළඳ ප්‍රචාරණය සන්නිවේදන ක්රමයකි. දැන්වීම්කරණයෙන් සිදු වන්නේ අදහස් සේවා පිළිබඳ යම් පණිවිඩයක් මාධ්‍ය තුළින් බෙදා හැරීමේ ක්‍රියාවලියයි. දැන්විමක් නිර්මාණය කරනු ලබන්නේ නිශ්චිත අරමුණක් සාක්ෂාත් කර ගැනීම සඳහා ය. අදාළ සංකල්පීය උපක්‍රම භාවිතා වන්නේ එම අරමුණ සාක්ෂාත් කර ගැනිම සඳහාය.
අලෙවිකරණයේ ප්‍රධාන මෙවලමක් වශයෙන් වෙළඳ දැන්වීම් හඳුනා ගත හැකිය. වර්තමානය වන විට වෙළඳ දැන්වීම් සමාජයේ ප්‍රබල තැනකට පැමිණ ඇත. වෙළඳ දැන්වීම් වලින් තොරව කිසිදු ආයතනයකට මුදල් ඉපයීමට අසීරු වී ඇත. දැන්වීම්, ඉලක්ක කරන පාරිභෝගික කණ්ඩායම් 03 ක් යටතේ හඳුනා ගත හැකිය.
1* ඉහළ ආදායම් ලබන පාරිභෝගිකයින්
2* මධ්‍යම ආදායම් ලබන පාරිභෝගිකයින්
3* පහළ ආදායම් ලබන පාරිභෝගිකයින්
එමෙන්ම වෙළඳ දැන්වීමක ප්‍රධාන සංකල්ප ද්වයක් හඳුනා ගත හැකිය.
භාව විෂයික දැන්වීම්
බුද්ධි විෂයික දැන්වීම්
මේවා මෘදු දැන්වීම් හා දෘඪ දැන්වීම් ලෙස ද වර්ග වේ. බුද්ධි විෂයික එළඹුම් සහිත දැන්වීම් ඉලක්ක කරනුයේ පාරිභෝගිකයාගේ බුද්ධියයි. මෙහි දී අවශ්‍ය වෙළඳ පණිවිඩය පාරිභෝගිකයාට දන්වනු ලබන්නේ බුද්ධියට ඇමතීමෙනි. භාණ්ඩයේ පවතින මිල, ගුණාත්මක බව, වටිනාකම පිළිබඳ තොරතුරු සරලව සෘජුවම ප්‍රකාශ කරයි. භාව විෂයික දැන්වීම්වල දී ප්‍රධාන වශයෙන් ඉලක්ක කරනුයේ අවශ්‍ය සේවා නිශ්පාදනයේ තොරතුරු සමඟ පාරිභෝගිකයාගේ භාවයන්ය.
ඒවා පාරිභෝගික හදවතට අමතයි. ආදරය, සෙනෙහස, දයාව ආදී නොයෙක් භාවයන්ට අමතන අතරම ඒ ඔස්සේ පාරිභෝගිකයාට භාණ්ඩය පිළිබඳ අවශ්‍ය දැනුම සපයයි.
තැලේ නම් විද්වතාගේ ප්‍රකාශයට අනුව ,
“වෙළඳ දැන්වීම් සුළඟ මෙන් අපගේ දෛනික ජීවිතය වටා හමා යයි. එය විවිධ මුහුණුවරින් පාරිභෝගිකයා පොළඹවා ගනී.”
සංස්කෘතික හැඩහුරුව වර්තමානයේ දී දැන්වීම් නිර්මාණයේ භාවිත ප්‍රධාන සංකල්පයකි.භාව විෂයික හෝ බුද්ධි විෂයික වශයෙන් වර්ග වුවද, මේ කාරණා දෙකේ දීම සංස්කෘතිය හා සම්බන්ධ ධර්මතා භාවිත වේ.
තෝරා ගත් රූපවාහිනී සහ පුවත්පත් දැන්වීම්වල අන්තර්ගත විශ්ලේෂණය.
KFC රූපවාහිනි දැන්වීම
1952 දී ආරම්භ කරන ලද KFC අද වන විට ලෝකය පුරා ව්‍යාප්ත විමත් සමඟ එම ආයතනය වටා රොද බැද ගත් ජනයා සහිත ජනප්‍රිය සංස්කෘතිකාංගයක් වශයෙන් හඳුනා ගත හැකිය. ජනප්‍රිය සංස්කෘතියේ එක් වාහකයක් ලෙස KFC හදුන්වා දිය හැකිය.
2014 වර්ෂය අවසාන වන විට ලොව පුරා පිහිටි රටවල් 118 ක සහ ප්‍රදේශ විශාල ප්‍රමාණයක KFC මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. වඩාත් මෑත කාලීනව මෙම ව්‍යාප්තිය දැක ගත හැකි වන්නේ වර්ධනය වන මධ්‍යම පංතිය ඉලක්ක කර ගනිමිනි. ජනප්‍රිය සංස්කෘතිය තුළ වර්තමානය වන විට ජනප්‍රිය සංස්කෘතිකාංග බෙදා හැරීමේ කාර්යය වෙළෙඳ දැන්විම් හරහා සිදු කරනු ලබයි. එහි දී කෘත්‍රීම රසකාරක අඩංගු ආහාර පාන කැපී පෙනේ. ඇමරිකාවේ මුල් කාලයේ ප්‍රචාරය වූ සෑම KFC දැන්විමක්ම සැන්ඩර් විසින් ඉදිරිපත් කොට තිබේ. නමුත් අද වන විට ජනප්‍රිය පුද්ගලයින් යොදා ගෙන නිර්මාණය කරන ලද දැන්වීම් පරිභෝගිකයා වෙත ගෙන එනු ලබන්නේ පාරිභෝගික ආකර්ශණය තවදුරටත් තම ආයතනය කෙරෙහි ලබා ගැනිමටය.
KFC ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1995 මැජෙක්ටික් සිටි හි පළමු අවන්හල විවෘත කරමිනි. එතැන් පටන් අද දක්වා ආයතන 25 කට වඩා වැඩි සංඛ්‍යාවක් ලංකාව තුළ ව්‍යාප්ත වී පවති. මේ තුළින් පෙනී යන්නේ KFCලංකාව තුළ ද ජනප්‍රිය සංස්කෘතියක් බවට පත් වී ඇති ආකාරයයි.
විශේෂ අවස්ථා, උපන්දින සැමරුම්
විවාහ වර්ෂ පුර්ණ සැමරුම්
ආදරවන්තයින්ගේ දින සැමරුම්
සඳහා මෙන්ම විවේකී නිවාඩු දින වලදී KFC වෙත යාමට ජනතාව හුරු පුරුදු වී සිටි. ඒ සඳහා වෙළෙඳ දැන්විම් යොදා ගෙන පරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබී තිබේ. 21 වන සියවසේ දී බොහොමයක් බහු ජාතික සමාගම් තම වෙළෙඳ පොළ අරමුණු සාර්ථක කර ගැනීම උදෙසා අන්තර් සංස්කෘතික කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලබයි.
එහි දී භාෂාව, ආගම, සමාජ වටිනාකම්, ජිවන රටා පිළිබඳව අවධානය යොමු කරමින් දැන්විම් නිර්මාණය කරයි.
කාගිල්ස් සමුහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයක් වන KFCසමාගමේ 2006 දී නිර්මාණය කරන ලද වෙළඳ දැන්විමේ අන්තර්ගතය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී, මීට අදාළ පිටපත නිර්මාණය කරනු ලබන්නේ පාලිත පෙරේරා විසිනි. මෙම දැන්වීම තත්පර 55 ක කාලයක් පුරාවට ප්‍රචාරය වන අතර, දෙමළ බසින් කරන ලද හඬ කැවීමද මේ තුළ අන්තර්ගත වේ. චරිත නිරුපණය ගත් කළ ජාතික ඇදුම ඇඳගත් සීයා කෙනෙකු, සුදු ඔසරියකින් සැරසුණු අත්තම්මා කෙනෙකු සහ එදිනෙදා සමාන්‍ය ඇදුමෙන් සැරසුණු මුණුපුරාත් දැක ගැනීමට හැකි ය. මේ ඔස්සේ KFC වෙත දේශීයත්වය ආරෝපණය කර තිබේ. සාම්ප්‍රදායිකත්වය සහ ජනප්‍රියත්වය අතර දෝලනය වන දැන්වීමක් ලෙස හඳුන්වා දිය හැකි ය. නාට්‍යානුසාරයෙන් මෙය ඉදිරිපත් කරනු ලබන අතර දර්ශන පසුතල ක්ෂණිකව වෙනස් වේ.
මෙහිදී මුණුපුරා සංවාදයට මුල පුරමින්, “තාත්තා කීවා, අද සීයලා නජෙ ගෙනියනවා කියලා.” සීයා “කොහෙද පුතේ.” යැයි විමසන විට මුණුපුරා එයට පිළිතුරු සපයනවා වෙනුවට තොල කට ලෙව කමින් “ම්----- ම්---- ම්------” ශබ්දය නගමින් රස ලොවක් ප්‍රේක්ෂකයා වෙත මවා පායි. ඊළඟ ජවනිකාවෙන් නිරූපණය කරන්නේ, මෙහි එන අත්තම්මා සහ සීයා අකරු තුනේ බුරියානි තිබෙන අවන්හල වෙතට ගොඩ වදින ආකාරයයි. එම අවස්ථාවේදී අත්තම්මා සීයාට “සුද්දන්ගේ කෑම අපිට දිරවයි ද දන්නේ නෑ.” යනුවෙන් පවසයි. ඒ සමඟම බුරියානි මේසයට ළඟාවීමත් සමඟ සීයා, “ආ---- බුරියානි” යනුවෙන් විශ්යට පත්ව ඉතාමත් විනෝදයෙන් හැසිරෙයි. ඒත් සමඟම පසුබිමින් මඟුල් බෙර වාදනයක් ඇසෙයි. ඒත් සමඟම සීයා උඩරට නර්තනයක අනුකරණයක් නිරූපණය කරයි. මෙමඟින් නිරූපිත සංස්කෘතිකමය කාරණය වන්නේ KFC නම් වූ විදේශීය ආහාර, ශ්‍රී ලාංකිකයන් හට හඳුන්වා දීම සඳහා දේශීය ජනතාවට සමීප සහ හුරුපුරුදු ලාංකීය සම්ප්රදාය තුළ අගයන සංස්කෘතිකාංග උපයෝගී කර ගනිමින් දැන්වීම නිර්මාණය කර තිබීමයි. ජාතික ඇඳුම, ඔසරිය, මඟුල් බෙර වාදනය සමඟින් මුසු වූ වයලීන් හා තාලම් පට වැයෙන හඬ මෙන්ම අප සිය`ඵ දෙනා ගරු කරන වැඩිහිටි පරපුර ද යොදා ගනිමින් ශ්‍රව්‍ය, දෘශ්‍ය ප්‍රයෝග සංකලනයක් සිදු කරනු ලබයි. එමෙන්ම මෙහි ඉලක්ක ගත පාරිභෝගික ප්‍රජාව වන්නේ, නාගරික මධ්‍යම පාංතිකයන් ය.නිවසෙහි ආලින්දය, KFC මධ්‍යස්ථානය තුළ පවතින කලබලකාරී පරිසරය සහ නානා විධ ආහාර පාන සතුටින් රස විඳින සිය`ඵ වයස් කාණ්ඩවලට අයත් පාරිභෝගිකයන් සහ විවේකි සහ විනෝදකාමී අවස්ථා වලදී යා යුතුම තැන ණත්‍ක් බව ව්‍යංගයෙන් අඟවයි.
භාෂා භාවිතය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී දේශීය ගැමි වහරට සමීප බස් වහර යොදා ගනී.
“ ඉංගිරීසි අකුරු තුනේ බුරියානි එක පංකාදුයි”
“අපේ කට්ටියට ගැලපෙන රස”
“සුද්දන්ගේ කෑම අපිට දිරවයි ද දන්නේ නෑ”
වර්ණ භාවිතය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී, පසුබිම සහ ඇඳුම් සඳහා රතු, සුදු සහ ක`ඵ වර්ණ වැඩි වශයෙන් යොදා ගෙන ඇත- ඒ ණත්‍ක් හි සන්නාම ලාංඡනය තුළ මෙම වර්ණ අන්තර්ගත වන බැවිනි.
මේ අනුව මෙම දැන්වීම ජනප්‍රිය සංස්කෘතිකාංග ඔස්සේ භාවමය සංවාදයකට යොමු කරන අතරතුරේ ජන වර්ගය කුමක් වුවත්, විශේෂයෙන්ම නාගරික මධ්‍යම පාංතික පාරිභෝගික ජනයා ඉලක්ක කර ගෙන නිර්මාණය කරන ලද බව පෙනේ.
DSI පාවහන් දැන්වීම
D.Samson Industry හෙවත් DSI සමූහ ව්‍යාපාරය 1962 දී ආරම්භ වන අතර අයිකොනික බැලරිනා විලාසිතාවේ පාවහන් ඇතු`ඵ අනෙකුත් රබර් නිශ්පාදන සිදු කරමින්, පාවහන් ලොවේ අංක එකේ ප්රමුඛ නාමය සනිටුහන් කළ DSI ආයතනය වර්තමානය වන විට ලංකාව පුරා විහිදුණු ශාඛා ජාලකින් මෙන්ම ස්වදේශීය නිශ්පාදන 10 කට වැඩි ගණනකුත,් ආනයනික නිශ්පාදන 20 කට වැඩි ගණකුත් වෙළඳපලට නිකුත් කරමින් ලංකාවේ ජනප්‍රිය පාවහන් නාමය බවට පත්ව ඇත.
මෙම සමාගම මඟින් 2004 වර්ෂයේ දී සන්නාම ප්‍රවර්ධනය උදෙසා ප්‍රචාරය කරන ලද දැන්වීමෙහි අන්තර්ගතය පිළිබඳ විශ්ලේෂණයේ දී සාම්ප්රදායිකත්වයේ සිට නූතනය දක්වා විකාශය වෙමින් පැවත ගෙන එන යහ චර්යා සහ අපේ කම දේශීයත්වය සෑම දර්ශනයක් තුලින්ම ඉස්මතු කොට ඇත. තත්පර 44 ක කාලයක් පුරා දිව යයි. අනෙකුත් පාවහන් වලට වඩාDSI පාවහන් පැළඳීම මඟින් ලැබෙන ආරක්ෂාකාරී බව සහ එමඟින් ලැබෙන පහසුව සහ අලංකාරය වක්‍ර මාර්ගිකව ඉදිරිපත් කරයි. වේගයෙන් ඡේදනය වන රූප රාමු වර්ණවත් සහ ආකර්ශණීය ලෙස යොදා ගෙන ඇත. ( උදෑසන පරිසරය සහ සවස් කාලය) පසුබිම් සංගීතය සරල නාද මාලාවක් යොදා ගනිමින්, බටනලා වාදනය සමඟ මුසු කොට නිර්මාණය කර ඇත. කුරු`ඵ නාදය, දිය දහරාවන්ගේ ශබ්දය වැනි ස්වාභාවික ශබ්ද ප්‍රයෝග පසුබිම් හඬ සඳහා යොදා ගෙන ඇත. මෙමඟින් ග්රාහයාට සමීප වීමට උත්සාහ ගෙන ඇත.
ගම් දනව් පසු කරමින් දිව යන පාසල් දරුවන් මෙන්ම නගරබද පාසල් දරුවන් නිරූපණය කර තිබීම, කරත්තය, බස් රිය, දුම්රිය, පාපැදිය, මෝටර් රථය යොදා ගැනීම තුලින් ග්‍රාමීය හා නාගරික ආදී වූ මධ්‍යම පාංතික සිය`ඵම ග්රාහක පාරිභෝගිකයන් ඉලක්ක කර ගෙන තිබේ.
ජීවිතයේ සෑම සුභ මොහොතකදීමත් සෑම සුවිශේෂි අවස්ථාවකදීමත් ළඟින් සිටින මිතුරෙකු, සමීපතමයෙකු ලෙස DSI නිශ්පාදන මෙහිදී වක්‍රාකාරව හඳුන්වා දෙනු ලබයි.
“කොයි යන්නේ කොතැනකදෝ යන්නේ - මිතුරු තුමෝ කවදත් ඉර හඳ වැන්නේ .”
ලෙස හදවතට සමීප වන වචන භාවිතා කර ඇත. මවට වැඳීම, ගැබිණි මාතාවට දුම්රියට නැඟීමට පළමුව අවස්ථාව ලබා දීම, මිත්තණියට පාර මාරු වීමට කුඩා ළමුන් සහාය වීම සහ කුඩා බලු පැටියෙකු පාරෙන් ඉවත් කරන කුඩා දියණියකගේ දර්ශනය තුලින් යහ ගුණ දමින් පෙරට යන සමාගමක් ලෙස නිරූපණය කළ ද දැන්වීම විකාශය කරන කාලය පුරාවට ග්රාහක අවධානය දිනා ගැනීමට මෙම දර්ශන සමත් වන බව පෙනේ.
“මතු මතු සදා යහපතමයි පතුරන්නේ ”
එමෙන්ම පාවහන් මිළ දී ගැනීමට ප්‍රදර්ශනාගාරය වෙත යන පාරිභෝගිකයා වෙත දක්වන සුහදශීලි පිළිගැනීම, ඔවුන්ට ඒවා තෝරා ගැනීමට සහාය වන අන්දම, නිවැරදිව තමාට ගැලපෙන දේ තෝරා ගැනීමට හැකි වීම තුලින් කුඩා දරුවා තෘප්තිමත් වන බව නිරූපණය කර තිබීමෙන් සමාගම කෙරෙන් පාරිභෝගික විශ්වාසය හා ආකර්ෂණය රඳවා තබා ගැනීමට සමත් වේ. විවාහ මංගල්‍යය නිරූපණය කිරීමෙන් දිවියේ සෑම සුභ මොහොතකටම අවශ්‍ය විවිධ විලාසිතාවන්ගෙන් යුතු පාවහන් මිල දී ගැනීමට හැකි වන බව පවසයි. උසස්ම ප්‍රමිතියෙන්, උසස්ම තාක්ෂණය භාවිතා කරමින් සුවපහසුවෙන් පිරි, සිය`ඵ දෙනාටම එකම වහලක් යටින් මිල දී ගත හැකි , එමෙන්ම සෑම තරාතිරමකටම ඔබින පාවහන් නිපදවමින් දේශීය ආර්ථිකය ගොඩ නැංවීමට උර දෙන සමාගමක් ලෙස පෙන්වා දෙයි.
“අපිමයි ඔබගේ දෙපයට දිරි දෙන්නේ ”
දැන්වීම අවසානයේ සඳ නිරූපණය මඟින් සැම කල් හි රැඳෙන අඛණ්ඩව පවතින සන්නාමයක් ලෙස සංකේතවත් කරමින් “ශ්‍රී ලාංකික හදවතේ රැඳුණු පා සටහන - DSI ” ලෙසින් නිමා වෙයි.
වෙළඳ දැන්වීම්කරණය යනු, ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික කටයුත්තකි. මේ සඳහා විවිධ පුද්ුගලයන් තම දැනුම, කාලය, අදහස් සපයනු ලබන්නේ මුදල් මත පදනම්ව ය. දැන්වීම් නිශ්පාදනය සාමූහික ක්‍රියාවලියකි. අනෙකුත් වෙළඳ දැන්වීම් අතර රූපවාහිනී සහ පුවත්පත් වෙළඳ දැන්වීම් ප්රමුඛ කාර්යයක් ඉටු කරනු ලබයි.
මාධ්‍යන්ගේ පවතින ශක්‍යතා මත ප්‍රචාරණය වන දැන්වීම්වල සාර්ථක අසාර්ථක බව තීරණය වේ. මෙහි දී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ වෙළඳ දැන්වීමක මුලිකාංග කෙරෙහි සැලකිලිමත් වෙමින් අදාළ මාධ්‍ය පරිහරණය කරන ග්රාහකයන් පිළිබඳව, ඔවුන්ගේ මානසික මට්ටම් හා බුද්ධි මට්ටම් පිළිබඳව සැලකිලිමත් වන අතරම, ඔවුන්ගේ සංස්කෘතික, ආගමික හා සමාජිය පරිසරයන්ට හානි නොවන පරිදි ඒවා නිර්මාණය කර ඉදිරිපත් කිරීමයි.
එවිට ගුණාත්මක හා ප්‍රමාණාත්මක බවින් අනූන , පාරිභෝගික අවශ්‍යතා සඳහා සහාය වන දැන්වීම් උක්ත මාධ්‍ය ද්වය ඔස්සේ ඉදිරිපත් කළ හැකිය.
No comments:
Post a Comment