Wednesday, 10 July 2019

අවුරුදු ආවෝ කොහේ ගියාදෝ...




දොළොස් මහේ මහ මංගල්ලේ විත්
මේන් බලාපල්ලා
කදමලු බැඳගෙන නෑගම් යන හැඩ
අගෙයි බලාපල්ලා.....

මාස් දොළහ කඹුරයි කොතැනට හෝ
ගනිති එයින් සොච්චමක් ඉතා
අඹුදරුවන් ලක ලෑස්ති කෙරුමට
ළඟ එන මඟුලට කන්න කියා.....

නැහැ නැහැ අවුරුදු අපට නැතෙයි
මේ පාරත් ඔය විත් ගියේ කියා
මුමුණයි කවුරුත් මුත් ඇත සරුවට
රෙදි පිළි බඩු තොග ගණන් මනා.....

සිරිතට විරිතට නැකතට වැඩ කොට
දවස් ගණන් කති බොති පෙමිනා
එනමුදු අත නැත ගිය පසු අවුරුදු
කාසි පනම් හෙම රහත් වෙලා......

මීවිත තොල ගා මල් වෙඩි උඩ දා
දඹරෙට සැරසෙයි සතුන් ලෙසා
ගුටි බැට තොගයයි දොස් අවලාදයි
මු`ඵ ගම වනසයි ගද ගස්වා.....


හිරු දෙවි කිරණින් අස්වැද්දු බත
සරි කර දෙයි  කුස ගින්න නිවා
සැමදා එක ලෙස අවුරදු මෙන් කති
සොබාදමට පෙම් බඳින දනා......

සැබෑ අරුත මේ මංගල්ලේ මහ
එක් දිනකට නොව සෑම දිනා
එකා වන්ව එක් සිතින් බැඳී සැම
කමින් බොමින් ප්‍රීතිය වඩවා......

පූජා කළ යුතු බැතින් පිදිය යුතු
උතුමන් ඔවමිණි සිතෙහි දරා
කිරෙන් පැණින් ඉතිරී යන සතුටින්
සැමරිය යුතු මංගල්ලෙකියි කියා......

සිතට ගත යුතුයි මේ වසරත්
නිකරුණේ ගියාදෝ අපොයි කියා
එළඹෙන බක් මහ සමරමු අපි සැම
මංගල අසිරිය පතුරමිනා......



පබැඳුම :  මංජරී

3 comments:

  1. lassana kavi pelak niyama arathyak tynwa👍

    ReplyDelete
  2. Comment ekata thank you😘❤️

    ReplyDelete
  3. Niyamai bn👌👌👌👍👍👍👍

    ReplyDelete